ශ්‍රී ලංකාවේ චෛත්‍යය නිර්මාණය හා ඉතිහාසය

ශ්‍රී ලංකාවේ චෛත්‍යය නිර්මාණය හා ඉතිහාසය

ක්‍රිස්තු වර්ෂ තුනුන්වන සියවසේදී ධර්මාශෝක අධිරාජයා විසින් පුරාණ ශ්‍රී ලංකාවට බුදුදහම හඳුන්වා දීමෙන් පසු ලක්වාසී බෞද්ධ ජනතාව බුදුන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කොට ස්ථූප සෑදීම ආරම්භ කළේය. බුදුන් වහන්සේ වෙනුවෙන් ඉදිකරන ලද විශිෂ්ටතම ස්මාරකය විය.ස්තූපය ,දාගැබ් ,චේතිය ,වෙහෙර, සෑය යන විවිධ නම් වලින් හැඳින්වෙයි.  චේතිය යනුවෙන් හඳුන්වනු ලැබූ පූජනීය වෘක්ෂ   ප්‍රාග් බෞද්ධ ඉන්දියානු සහ ලංකා සමාජය තුල තිබී ඇත.

පුරාණ සමාජයේ වෘක්ෂ වන්දනාව පැවති කාලයේ පිහිටි බිමෙන්  මාලක නම් වූ වේදිකා මත මේ වෘක්ෂ රෝපණය කර තිබුණි. දෙවනපෑතිස්  රජු ප්‍රථම ස්තූපය  ථූපාරාමය  ඉදිකරන ලද්දේ මෙම මාළක මත බව සඳහන්ය. ශ්‍රී මහා   බෝධීන් වහන්සේගේ රෝපණය කරන ලද්දේ ද මේ   මාලක මතය.

ධාතු ගර්භ යන පාලි වචනය දාගැබ් බිඳී ආ අතර පාලි  විහාර වාසය කරන අර්ථයෙන් වෙහෙර  යන වචනය ගොඩනැගී ඇත.  බුදුන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් ව ඇති බැවින් මෙහි උන්වහන්සේ වැඩ සිටින බව ගම්‍ය වේ .ලංකාවේ  ඉදි වූ මුල්ම  ස්තූපය ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදී වූ බව සඳහන්ය. එහෙත් වංශකථා හා පැරණි සිංහල සාහිත්‍යයේ සඳහන් වන පරිදි මහියංගන චෛත්‍යය හා ගිරිගඩු සෑය බුදුන් ජීවමාන කාලයේ ගොඩනගා ඇති බවට සඳහන්ය. බුදුසමය මෙරටට හඳුන්වාදීමට පෙර සිංහලයා ගඩොල් පිලිස්සීමේ තාක්ෂණය දැනසිටියහ. මුල්ම යුගයේ ස්තූප සඳහා ගඩොල් භාවිතයද, කපරාරු සඳහා මැටි,  හුණු,  වැලි බදාම පාවිච්චි කරන ලද බව සඳහන්ය .පුරාණ වාස්තු විද්‍යාත්මක අංග ලක්ෂණ වල ගල් පුවරු වැනි කොටස් ස්ථූප නිර්මාණයේදී නැවත යොදාගෙන ඇත.ස්තූපයක ප්‍රධාන වැදගත්ම අංගය වූ ගර්භය හෙවත් අණ්ඩයයි හැඩය අනුව ස්ථූප වර්ග කිහිපයකි.

  1. ඝාණ්ඨාකාර
  2. ඝඨාකාර
  3. ධාන්‍යාකාර
  4. බුබ්බුලාකාර
  5. පද්මාකාර
  6. ආමලාකාර
  7. පලාණ්ඩවාකාර 

චෛත්‍යයේ ප්‍රධාන අංග ලෙස 

  1. චූඩා මාණික්‍යය
  2. කොත් කැරැල්ල
  3. දේවතා  කොටුව
  4. සතරැස් කොටුව
  5. ගර්භය
  6. පේසා වළලු
  7. සසලපතල මළුව  හඳුන්වා දිය හැකියි. 
ලංකාවේ පැරණිම  ස්තූප හැඩය ධාන්‍යාකාර වෙයි . ථූපාරාමය මේ හැඩයේ විය. දෙවනුව බුබ්බුලාකාර වන අතර  හම්බම්බන්තොට මැදිරිගිරිය යහන්ගල ප්‍රදේශ්වල දාගැබ්   ඝඨාකාර හැඩ ගනී.  වෙනත් හැඩවලින් ස්ථූප ලංකාවේ දක්නට නැත. ස්තූපයක කොත මුදුනේ චූඩාමාණික්‍ය පිහිටුවීම  මෑත අතීතයේ දී සිදුවිණ . ඈත අතීතයේ එහි පිහිටා තිබුණු අකුණු සැර වලකා ගැනීමේ උපකරණය  වජ්‍ර චුම්බකය  ස්තූපයේ බඳ මධ්‍යයේ  පේසා වළලු වලට ඉහළින්   ධාතු ගර්භය පිහිට වීම බොහෝ දුරට සිදුවිය . එය බොහෝවිට හතරැස් හැඩයක් විය. හතරතරැස් කොටුවට පහතින් ධාතු ගර්භය පිහිට වූ අවස්ථාද ඇත .විශාල ස්ථූප වල ප්‍රධාන ධාතු ගර්භයට අමතරව ඒ වටා කුඩා ධාතුගර්භ ද පිහිටුවා තිබේ.

ස්ථූපයට පේසා වළලු ,මාලක,සලපතල මළු සහ ප්‍රාකාර ආදිය එකතු කරනු ලැබූයේ නිම වීමෙන් පසුව ය. එය පැරැණි සම්ප්‍රදාය වෙයි  .මේ  මාළක  හැඩයෙන් හතරැස් කවාකාර හෝ අටපට්ටම් විය හැකියි.  සංඛ්‍යාව තීරණයය වනුයේ ස්තූපය වටා ඇති බෑවුම් සහිත බව හා ඉඩකඩ මතය. පහත මාලකය වැලි අතුරා සකස් කෙරිණි .වැලි මළුවට පිවිසීම සඳහා දිශාභිමුක දොරටු පිහිටවීම සිරිත් විය .මේ මාලක වලට නැගීමට සඳකඩ පහණ, කොරවක් ගල් ,නාග මුරගල් හා පියගැට පෙළකි.

ප්‍රධාන  දොරටු සතර අභිමුඛව චෛත්‍ය වටා ඇති වාස්තු විද්‍යාත්මක අංගය වාහල්කඩ වේ. ගිහින් වගේ නොයෙකුත් රූකම් වලින් යුක්තය .ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ සිට අද දක්වා කාල පරිච්ඡේද තුළ   විවිධ  විවිධ වෙනස්වීම් වලට භාජනය වී තිබේ. ස්තූප දීර්ඝ කාලයක් තිස්සේ නිරූපද්‍රිතව සකස් කර ප්‍රතිසංස්කරණයන්ට ලක් වීමේ දී පැරණි ස්තූප ඒ ආකාරයෙන්ම අද දක්නට නැත .මේවායේ පැරණි ආකෘති පිළිබඳ උදාහරණ ලෙස ගත හැක්කේ මිහින්තලයේ මිහිඳු මහා සෑය, තිස්සමහාරාමයේ යටාල වෙහෙර  යන ස්ථාන වලින් සොයා ගත් ධාතු කරඬු වලිනි. ඒවා සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් පැරණි චෛත්‍ය වල ස්වරූපය හා සහසම්බන්ධ වේ.

පාදම

ශක්තිමත් අත්තිකාරම්ක් ගොඩ ගොඩනැගීම් සඳහා පෙර ගැඹුරු බිම්ක්  පුළුස්සා සකස් කළ බවට සාධක වේ.  අත්තිකාරම් මට්ටමේ ධාතු නිදන් කළ අවස්ථා ද වේ.


පේසා වළලු

ගඩොලිනන් සාදා ඇති අතර සමහර විට හුණු ගල් පුවරු වලින් කැටයම් කොට තිබේ පාලියෙන් පුප්ඵාධාන යනුවෙන් හඳුන්වාදී තිබේ .සාහිත්‍යය ග්‍රන්ථයන්හි මල් පේසාව  යනුවෙන් හඳුන්වා දී ඇත. මධ්‍යකාලීන යුගයේ සැදැහැවතුන්ගේ ප්‍රදක්ෂිණා පථයක් ලෙස යොදා  නොතිබුනද මුල් යුගයේ සැදැහැවතුන්ගේ ප්‍රදක්ෂිණා පථයක් ලෙස භාවිතා විය . මේ සඳහා ගොඩ විය හැකි පඩිපෙළක් මිරිසවැටිය ,පොළොන්නරු පබලු වෙහෙර  ආශ්‍රිතව දක්නට ඇත. 

වේදීය
පුරාණ ස්ථූප වල දැවයෙන් සාදන ලද වැටක් ආධාරයෙන්  ඉදිකිරීමකි. බොහෝ ස්තූප වල ගර්භයේ ඉහළ හතරැස් කොටුව තිබෙන ස්ථානයෙහි සකසා තිබිණි. මේ ඉහළ වේදීය මුද්ද වේදිය ලෙස යනුවෙන්ද හඳුන්වනු ලැබේ. දැලිවල ස්තූපයෙන් හමු වූ ධාතු කරඬුවේ මෙම වේදී දෙකම මනා ව දැක්වේ පසු කාලයේ ගණයක් ලෙස ගඩොලින් බැඳ පුරවා දැමූ මෙම අංගය අපට දැන් දක්නට ලැබෙන්නේ හතරැස් කොටුව ලෙසය.


ගර්භය

කුඩා ස්තූප වල   හැර විශාල ස්ථූප වල පිටත ගඩොලින් බැඳ මධ්‍ය පස් වලින් පුරවනු ලැබීය. ධාතු ගර්භය ඇතුළත බිත්ති මෙන්ම සමහර විට ගර්භය පිටත බිත්ති සිතුවමින් අලංකාර කර තිබූ බව සඳහන්ය.
හතරැස් කොටුව  හර්මිකාව
මුග්ධ වේදියේ පරිණාමය කි.මෙම මුග්ධ වේදියෙ මැද යූප කණුව, ඡත්‍ර දණ්ඩ ඒ මත ඡත්‍ර ද පිහිටා තිබුණි. මේ වේදී අනුක්‍රමණයෙන් හතරැස් ඝනයක් බවට පත් විය . හර්මිකාව යනු මුදුනෙහි පිහිටි කොටුව යන අර්ථය යි. මුදුන් වේදිය ,යුපය, ඡත්‍ර දණ්ඩ ,ඡත්‍ර වලින් සමන්විත තිබුණු පුරාණ ස්තූපය ක්‍රිස්තු වර්ෂ 7 වන සියවස  වනවිට වර්තමාන තත්ත්වයට පත්ව ඇති බවට නිගමනය කළ හැකිය .පැරණි මුග්ද වේදිය සිට වර්තමාන හතරැස් කොටුවේ ද ඉර හඳ ලාංඡන යොදා තිබේ.


යූපය

අටපට්ටම් හැඩැති දණ්ඩකි .මේ පැති අටෙන් දිශා අට අදහස් වේ යැයි සැලකේ .මෙහි ඉහළ  දාර අටක් එකතුවී නෙළුම් මල් පොහොට්ටුවක් සේ දක්වා ඇත.  මෙම යූප ගල්වල ප්‍රභවය වෛදික යුගය දක්වා දිවේ.


ඡත්‍ර

පුරාණ ඡත්‍ර දැවයෙන් ද පසුව ගල් වලින් ද  ඔපවත් ව නිර්මාණය කර ඇත.  මැද ගණකමින් යුත් වෘත්තාකාර හැඩ ඇති මෙම ඡත්‍ර  දණ්ඩ සම්බන්ධ කොට තිබේ .ඡත්‍රය රාජ්‍යත්වයේ සංකේතයයි, බුදුරදුන්ට ගරු කිරීම්ක් ලෙස මෙය උපයෝගී කරගෙන ඇත .එකක් මත එකක් පිහිටන සේ ඡත්‍ර කිහිපයක් යෙදූ අවස්ථා තිබුණි. ඉහළින්ම පිහිටියේ දුර චිත්‍රය වූ අතර ක්‍රිස්තු වර්ෂ 1   දී  පමණ ඡත්‍ර දෙකක් එක්ව ඇත. ගොඩනැගීමේ හා පැවැත්මේ පහසුව සඳහා මෙම   ඡත්‍ර පසුව කොත් කැරැල්ල බවට පත් වූ බව සඳහන්ය.


දේවතා කොටුව

කොත් කැරැල්ල වර්ධනය වූ පසු එක් වූ නිර්මාණයකි.සිලින්ඩරාකාර මෙහි බඳෙහි දේවතා  රූප දක්වා තිබේ.  අනුරාධපුරයේ පැරැණි කිසිදු ස්තූපයක දේවතා කොටුවක භෂ්මාවශේෂ දක්නට නැත. වංශ කතා වල දේවතා කොටුව ගැන සඳහන් නොවේ. 12 වන සියවසේදී පොලොන්නරු කිරි වෙහෙරෙහි දේවතා කොටුව දක්නට ඇති බව සඳහන්ය.  

ධාතු ගර්භය

චතුරශ්‍රාකාර වූ මෙහි ඇත් ඇතුළත හුණු කපරාරු කොට චිත්‍ර වලින්  අලංකෘත කර තිබේ.  සමහර  විටෙක බුද්ධ චරිතය ජාතක කතා සිතුවමින් දක්වා තිබේ .රුවන්වැලිසෑයේ ධාතු ගර්භයේ සිතුවම් කරන ලද ජාතක කතා පිළිබඳ මහාවංශයේ සදහන්ය. මේ මධ්‍ය ඇති යන්ත්‍ර ගල/ ගර්භ පාත්‍රය තැන්පත් කොට දේවරූප මංගල වස්තු හා පූජනීය වස්තු යන්ත්‍ර ගලෙහි කුහර තුළ තැන්පත් කරයි.යන්ත්‍ර වලට යටින් ඇති අවකාශයේ හක්ගෙඩි, මුහුදු මල්, නාග රූප ආදී දෑ තැන්පත් කොට ජලජ හා නාලොව සංකේතවත් කරයි . ඊට ඉහළින්   ගල්  තුනක් මත ත්‍රිකුටය හතරැස් විශාල ගලක් මහාමේරුව තැන්පත් කර ඇත මෙය අටපට්ටම් හෝ සහතරැස් ,සිලින්ඩරාකාර විය හැකියි ධාතු කරඬුව තැබීමෙන් බුදුන්ගේ අනුපමේය බව හැඟවේ. 


References-
             credit goes to Mr.Wasantha Ekanayake.
 

Comments

Popular posts from this blog

Pre - Historic Arts in Sri Lanka ප්‍රාග් ඓතිහාසික චිත්‍ර කලාව

Pre-Historic Art in Sri Lanka