Pre - Historic Arts in Sri Lanka ප්‍රාග් ඓතිහාසික චිත්‍ර කලාව

ප්‍රාග් ඓතිහාසික  චිත්‍ර කලාව



ශ්‍රී ලංකාවේ චිත්‍ර කලාවේ ආරම්භය කවදා කෙසේ සිදුවුණාදැයි අපි නොදනිමු.නමුත් ආදී මානවයන් ගල් ලෙන් තුල ජීවත් වීමේදී ඔවුන්ගේ සන්නීවේදන මාධ්‍යයක්   ලෙස  භාවිතා කළහ.   ශ්‍රී ලංකාවේ විවිධ පළාත් වල පිහිටා තිබෙන ස්වභාවික ගල් සහ ආයත ගල් පර්වතවල සිතුවම් කිරීම් හෝ කුරුටු ගෑමේ රූප සම්ප්‍රදායක් දැකිය හැකිය.මේවා පර්වත චිත්‍ර හෙවත්   සෙල් චිත්‍ර  rock art යනුවෙන් හඳුන්වයි.  මෙම සිතුවම්    ප්‍රාග් ඓතිහාසික  prehistoric art කලා සහ  ප්‍රකෘතික කලා primitive  art යන  කොටස් දෙකටම අයත් වේ.  දැනට කර ඇති සොයාගැනීම් අනුව මෙවන් චිත්‍ර ඇති ස්ථාන පනස් හතරක් පමණ ලංකාවෙන් සොයාගෙන ඇත.  ඒ අත් අතරින් වැඩිම ස්ථාන දැකිය හැක්කේ අම්පාර, මොණරාගල   ප්‍රදේශ වල යි.ඒ හැරුණු විට අනුරාධපුර, පොලොන්නරුව, රත්නපුර ,හම්බන්තොට, කෑගල්ල යන දිස්ත්‍රික්ක වල මෙම ප්‍රවර්ගයට අයත් සිතුවම් දක්නට ලැබේ.
 සිතුසිතුවම් කුරුටු රූප නිර්මාණය ස්වභාවික ගල් ගුහාවල ඇතුළත බිත්ති කපරාරු රහිත මුහුණත භාවිතයට ගෙන ඇත. ඇඟිල්ලෙන් හරි අග තලාගෙන සකස් කරන ලද ගත් රළු කෝටු කැබැල්ලක් පිටතට රේඛා  ඇඳ තිබේ.   ඇතැම් සිතුවම් වර්ණ පදාස පුරවා ගැනීමෙන් සුදු රතු කහ යන වර්ණ භාවිතා කර තිබේ.බහුලව දක්නට තිබෙන්නේ සුදු සහ අළු පැහැයෙන් අදින ලද රූපයි. රේඛාව කේන්ද්‍ර   සිතුවම් ගොඩනගාගෙන තිබීම විශේෂ ලක්ෂණයකි. 

මෙම චිත්‍ර තන්තිරිමලේ, බිල්ලෑව, ආඩියාගල ,දිඹුලාගල,  කදුරුපොකුණ, අරංගොඩ ගල්ගේ රජගල කන්ද, ගොනාගොල්ල, දොරවක, පිහිල්ලේගොඩ,අලුගල්ගේ,  බුදු ගල්ගේ, කුඩුම්බිගල ලිහිණියාගල ,මගුල් මහා විහාරය ,හක්බෙලිකන්ද, වෙට්ටම්බුගල ,පියංගල යන ස්ථානවලින් හමු වේ.
පර්වතවල චිත්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි ස්වභාවිකත්වය ඉස්මතු   වන චිත්‍ර ලෙස  සත්ව රූප හා මිනිස් රූප ද දක්නට ලැබේ අනෙක වියුක්ත රූප වේ.
 දොරවක ගුහාවේ කැණීම්වලිනෙන් ම චිත්‍ර ක්‍රිස්තු පූර්ව 6000-4000 අතර කාල පරාසයකට දිවයන බව හඳුනාගෙන තිබේ අලව්වේ හක්බෙලිකන්ද ගල් ගුහාවේ චිත්‍ර ඊට වඩා අතීතයට දිවයන බවට හැඟවේ.


සිතුවම් ඇඳීමට යොදාගත් ශිල්ප ක්‍රම 

රේඛාමය චිත්‍ර line drawing /වර්ණ සිතුවම් painting 

ඇඟිල්ලෙන් හෝ අග තලා ගත්ගත් කෝටු කැබැල්ලක් ආධාරයෙන් අඳින ලද චිත්‍ර හා වර්ණ කරන ලද් චිත්‍ර මෙම ගණයට අයත් වේ තන්තිරි තන්තිරිමලේ සහ බිල්ලෑව යන ගුහාවල මේවා දැකිය හැකිය.

ගල් බිත්තිය සූරා කරන ලද  සිතුවම් / උත්කීරණ engraving

 

ගුහා  සිතුවම් නිර්මාණයේදී යොදාගෙන ඇති බහුල ක්‍රමයක් ලෙස ශක්තිමත් ගල් පතුරු හෝ අං කැබලි  ආධාරයෙන් පර්වත බිත්තියේ සූරා ඉවත් කරමින් නිර්මාණය කරන ලද චිත්‍ර මෙම ගණයට අයත් වේ. දොරවක කන්ද ,ඌරාකන්ද යන ස්ථාන වලින් චිත්‍ර හමුවේ.

මුද්‍රා තබන අත්සන්   සලකුණු hand printing

යොදාගත් සායම්හෝ ලේ භාවිතයෙන් අත්ල සටහන් බිත්තිවල තැබීම මගින් මෙම චිත්‍ර නිර්මාණයය කර ඇත. මේවා  හම්බන්තොට මඟුල්   විහාර පරිශ්‍රය ගල්ගුහාවක දැකිය හැකිය.

 

තතන්තිරිමලේ

 අනුරාධපුර  දිස්ත්රික්කයේ  මහවිලච්චිය  ප්‍රදේශයේ තන්තිරිමලේ සුභාවික ගල්ගුහා දක්නට ලැබේ
 පලවන ගල්ගුහාව
  •  ඇතුළත බිත්ති මත සත්ව රූප හා මානව රූප 07 ක් සහ ජ්‍යාමිතික හැඩ රැසක් සිතුවම් කර තිබේ. දෑත් දෙපසට තබා මුහුණ වම්පසට හරවා සතෙකු පිටුපස සිටින මිනිස් රුව විශේෂිතය. 
  • අළු පැහැයෙන් වට රේඛාව ඇඳ   මධ්‍ය රතු පැහැයෙන් වර්ණ කර තිත් තබා ඇති මුවෙකු ලෙස හැඟවෙන චිත්‍රයක්ද දක්නට ලැබේ. 
  •  සුදු පැහැති රේඛාවෙන් අඳින ලද දුවන ඉරියව්වකින් යුක්ත මිනිස් රූපය,අත දුන්නත් සහිත වම්පසට හැරී සිටින මිනිස් රූපය ,අළු පැහැති රේඛාවෙන් අඳින ලද සතුන් ද දෙදෙනකු පිටුපස සිටින මිනිස් රූපයක් ද වේ. 
දෙවැනි ගුහාව
  •  මෙම ගුහාවේ බිත්තිය පුරා සංකේත රාශියක් ඇඳ ඇත . එකා පිටුපසින් සිටින ලෙස අඳින සත්ව රූ කීපයක් ද වෙන් වෙන් වශයෙන් අඳින ලද සත්ත්ව රූ කිහිපයක් ද දක්නට ලැබේ.

බිල්ලෑව

  • අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රදේශයේ ඇති මෙම ගුහාව  1910 වසරේ දී ජෝන් ස්ටීල් විසින් හඳුනාගෙන තිබේ ඒ අනුව ලෙනෙහි නිවෙසක් තුළ සිටින මිනිසුන් දෙදෙනෙකු, තනිව සිටින මානව රූ 02 ක්, ගෝනෙකුගේ රූපයක් , මොනරෙකුගේ ,හා හඳුනා නොගත් සංකේතයක් මෙම  චිත්‍ර   අතර හමුවේ. 
  • මෙම රූප අතරින් ඇතැම් චිත්‍ර වර්ණ ගන්වා තිබේ නිදසුනක් ලෙස ගෝනාගේ රූපය සුදු පැහැයෙන් වර්ණ කර ඇත.

දොරවක කන්ද 

  • කෑගල්ල දිස්ත්‍රික්කයේ බෙලිගල් කෝරලේ දොරවක නම් ගමෙහි මෙම ගල් ගුහාව පිහිටා ඇත. 1919 දී බ්‍රවුනින් විසින්සොයාගත් අතර අඩි එකසිය 150ක් පමණ උස ගල් පර්වතයෙහි ඇතුලත බිත්ති වල සූුරා කරන ලද ජ්‍යාමිතික  හැඩතල සහ සත්ව රූප දක්නට ලැබේ.  ජ්‍යාමිතික රූ 57 ක් පමණ දක්නට ඇති අතර මානව රූපයක් ලෙස හැඟවෙන ශෛලීගත ස්වරූපයේ ආකෘතියක් දක්නට ලැබේ.
  • මෙහි විශේෂිතම චිත්‍රය ලෙස ඇතා සහ ඇත් පැටවා චිත්‍රය හඳුන්වනු ලැබේ.
 

වෙට්ටම්බුගල

  • අම්පාර දිස්ත්‍රික්කයෙහි සියඹලාණ්ඩුව ප්‍රදේශයේ  කිවුලේ යාය ගමෙහි පිහිටා  ඇති මෙය මීටර 40 ක දිගකින් යුක්ත ඇත් රූප බහුලව හමුවන ගුහාවකි.
    • සියලුම රූප සුදු ,අළු, කහ සහ රතට හුරු කහ පැහැයෙන් reddish yellow වර්ණ කර එම වර්ණ ඝනකම් යොදා ඇති අතර වර්ණ මිශ්‍ර වී තිබීම විශේෂ ලක්ෂණයකි.බාහිර රේඛාවක් දක්නට නැත.
  • දළ දෙකක් සහිත ඇත් රූපය රතට හුරු කහ පැහැයක්යෙන් වර්ණ කර ඇත අලි රූපයක පාද  විස්තරාත්මකව චිත්‍රණය කර තිබේ. 
  • ජ්‍යාමිතික රූප අතර විශේෂිතව ජලය ඇඳ ඇති ආකාරය දැක්විය හැකිය. ජලය සංකේතවත්වත් කිරීමට අලු පැහැති තිත් යොදාගෙන වනාන්තරය ස්වභාවිකව ජලය තිබෙන තැන් වන ජීවත් වන කණ්ඩායම් අතර සන්නිවේදනය කිරීමේ අරමුණ ඇතිව චිත්‍රණය කර ඇති බව හැඟවේ, ඇඟිලි සහ ඝනකම් ලී පතුරු මගින් චිත්‍රණය කර ඇති බව පෙනේ.
  • දුන්න සහ ඊතලය පමණක් සුදු පැහැයෙන් යොදා ඇති අතර මුවෙකුගේ ඇයි හැඟවෙන රූපයක අං යුවල පැහැදිලිව ඇඳ ඇත එයද කහ මිශ්‍ර රතු පැහැයෙන් ඇඳ ඇත.   

Comments

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ චෛත්‍යය නිර්මාණය හා ඉතිහාසය

Pre-Historic Art in Sri Lanka